hit counter

2026 ජූනි මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 03, ප.ව. 2:25



ආජන්ටිනාවේ මුදල් හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මාටින් ගුස්මන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ලබාගත් එම ණය මුදල ගෙවා ගැනීමට නොහැකි වීම සහ එරට 3%ක්ව පවතින අයවැය හිඟය පියවා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.

ලතින් ඇමරිකාවේ තුන්වන විශාලතම කෘෂි ආර්ථිකය හිමි ආජන්ටිනාවේ පසුගිය වසර තුළ 60%කට වැඩි උද්ධමනයක් වාර්තා වුණා.