hit counter

2026 ජනවාරි මස 02 වන සිකුරාදා

2023 ජනවාරි 21, ප.ව. 2:32



වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව මෝටර් රථයක ගමන්කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂි සුනක් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

තමන් ආසන පටි නොපැළඳ ගමන්කළේ කෙටි දුරක් වුවත් එය තමා අතින් සිදු වූ වරදක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ඔහු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුම හරහා මිනිත්තුවක වීඩියෝවක් රූගත කර තිබුණේ ඔහුගේ නව ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහායි.