hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 01, ප.ව. 8:12



හිටපු අගමැති රොබර්ට් ෆිකෝගේ Smer-SSD පක්ෂය ස්ලොවේකියානු මහමැතිවරණයේ වැඩිම ආසන ප්‍රමාණයක් දිනාගත් පක්ෂය බවට පත්ව තිබෙනවා.

ඊයේ පැවති මහමැතිවරණයේදී එම පක්ෂයට ආසන 42 ක් හිමිවුණා. එය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 23 ක්. දෙවන ස්ථානයට පත් වූ “ප්‍රගතිශීලී ස්ලොවේකියා” පක්ෂයට හිමිවූයේ ආසන 34 ක් පමණයි.

ස්ලොවේකියානු ජාතික කවුන්සිලයෙහි සමස්ථ ආසන සංඛ්‍යාව 150 ක් වන අතර මේ අනුව ආණ්ඩුවක් පිහිටුවීමට ෆිකෝගේ පක්ෂයට තවත් පක්ෂවල සහය ලබාගන්නට සිදුවනවා. මෙහිදී හිටපු අගමැති පීටර් පෙලෙග්‍රිනිගේ Hlas-SD පක්ෂය වැදගත් විය හැකියි. 2020 දී Smer-SSD පක්ෂයෙන් බිඳී ගොස් පිහිටුවාගත් Hlas-SD පක්ෂයට මැතිවරණයේදී ආසන 27 ක් හිමිව තිබෙනවා.

රොබර්ට් ෆිකෝගේ ජයග්‍රහණය යුක්‍රේනයට හිතවාදී නොවන සිදුවීමක් වනවා. ෆිකෝ යුක්‍රේනයට යුරෝපා සංගමයෙන් ආධාර ලබාදීම විවේචනය කරන්නෙක්. මේ අනුව ෆිකෝගේ ආණ්ඩුවක් යටතේ ස්ලොවේකියාව යුක්‍රේනයට ආධාර ලබාදීම නැවතීමේ ඉඩක් තිබෙනවා.