2024 නොවැම්‍බර් 29, පෙ.ව. 11:27
යුක්‍රේනය විසින් නේටෝ රටවල දිගු දුර පරාස මිසයිල යොදාගෙන රුසියාව අභ්‍යන්තරය වෙත එල්ල කළ ප්‍රහාරයන්ට දැක්විය යුතු ප්‍රතිචාර සලකා බලමින් සිටින බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සඳහන් කළා.
ඔහු පැවසූයේ කීව් නගරයෙහි තීන්දු තීරණ ගන්නා ස්ථානයන් ද රුසියානු ඉලක්ක බවට පත්විය හැකි බවයි. මේ වනවිට රුසියානු සන්නද්ධ හමුදා ප්‍රධාන නිලධාරී මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යංශය ඉලක්ක ලෙස තෝරාගන්නා ස්ථාන පිළිබඳ සලකා බලමින් සිටින බවයි ඔහු කියා සිටියේ.
රුසියාව මෑතදී අත්හදා බලන ලද අර්යේෂ්නික් මිසයිලයට සමාන අවියක් ලොව වෙනත් රටක ඇතැයි තමන් විශ්වාස නොකරන බව පැවසූ පුටින්, රුසියාවේ මිසයිල නිෂ්පාදනය නේටෝ රටවල් සියල්ලටම වඩා දස ගුණයකින් වැඩි බව ද කියා සිටියා. තවද රුසියාවේ හයිපර්සොනික් මිසයිල ලොව අන් කිසිදු රටක ඇති මිසයිලවලට වඩා දියුණු බව පැවසූ ඔහු අර්යේෂ්නික් මිසයිල ගණනාවකින් එල්ල කරන ප්‍රහාරයක් මගින් න්‍යෂ්ටික අවියකින් සිදුවන තරම් හානියක් කළ හැකි යයි ද පැවසුවා.
පුටින් වැඩිදුරටත් සඳහන් කළේ අර්යේෂ්නික් මිසයිලය දිගටම අත්හදා බැලීම් සිදු කෙරෙන බවයි.
2024 දෙසැම්‍බර් 05, පෙ.ව. 7:55
2024 දෙසැම්‍බර් 04, ප.ව. 4:07
2024 දෙසැම්‍බර් 04, ප.ව. 3:05
2024 දෙසැම්‍බර් 03, ප.ව. 11:27
2024 දෙසැම්‍බර් 02, ප.ව. 1:38