hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 14, ප.ව. 6:35



රුසියාවට හානිකර වන තොරතුරු ලබාගැනීම සඳහා රුසියානු ජාතිකයකුගේ සේවය ලබාගත් බව කියන ඇමරිකානු තානාපති නිලධාරීන් දෙදෙනකුට රටින් පිටවන ලෙස එරට විසින් දන්වා තිබෙනවා.

ඩේවිඩ් බර්න්ස්ටයින් සහ ජෙෆ්රි සිලින් නම් වන මෙම තානාපති නිලධාරීන් දෙදෙනා රුසියානු ජාතිකයකු වන රොබර්ට් ෂොනොෆ් වෙතින් තොරතුරු ලබාගෙන ඇති බවයි රුසියාව පවසන්නේ. ෂොනොෆ් මැයි මසදී අත්අඩංගුවට ගන්නා ලද බව සඳහන් වුණා.

අදාල තානාපති නිලධාරීන් දෙදෙනාට දින හතක් තුළ රටින් පිටවන ලෙස දන්වා ඇති බවයි රුසියාව පවසා සිටින්නේ. කෙසේ වෙතත් ඔවුන්ට එරෙහිව එල්ලවන චෝදනා ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා.