hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 15, පෙ.ව. 8:16



රුසියාවට එක්වූයේ යයි තමන් විසින් සලකනු ලබන ක්‍රිමියාව මෙන්ම දන්යෙත්ස්ක්, ලුගාන්ස්ක්, සපරෝෂියා සහ හර්සොන් ප්‍රදේශ සඳහා යුක්‍රේනයට අයිතිවාසිකමක් ඇතැයි තමන් නොපිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් කියා සිටිනවා.

ඔහු පවසන්නේ දන්යෙත්ස්ක්, ලුගාන්ස්ක්, සපරෝෂියා හා හර්සොන් ප්‍රදේශවලින් යුක්‍රේන හමුදා ඉවත් වුවහොත් සහ යුක්‍රේනය නේටෝ සංවිධානයට එක්වීමට අදහසක් නොමැති බව තහවුරු කළහොත් තමන් සටන් විරාමයක් ප්‍රකාශ කර සාකච්ඡා ඇරඹීමට සූදානම් බවයි.

තවද​, තමන්ට සටන් විරාමයකින් පමණක් නවතින විසඳුමක් නැති එකතැන හිරවූ ගැටළුවක් අවශ්‍ය නැති බව ද ඔහු කියා සිටියා. එවැන්නකදී බටහිර රටවලට යුක්‍රේනය සන්නද්ධ කිරීමේ අවස්ථාව ලැබෙන හෙයින් අනාගතයේදී නැවත රුසියාව හා ගැටුම් ඇරඹීමේ අවකාශය ඇති බවයි ඔහු පවසන්නේ. එහෙයින් ජාත්‍යන්තර එකඟතාවලින් තහවුරු කෙරෙන ස්ථිරසාර සාම ගිවිසුමක් අවශ්‍ය බවත් බටහිර විසින් රුසියාව වෙත පනවා ඇති සම්බාධක ඉවත් වියයුතු බවත් පුටින් පවසනවා.

එමෙන්ම එවන් සාම ගිවිසුමක් යුක්‍රේනයේ මධ්‍යස්ථභාවය​, මිලිටරිහරණය සහ නට්සිහරණය මත පදනම් වියයුතු බවයි පුටින් කියා සිටින්නේ. මෙම කරුණු 2022 දී ඉස්තාන්බුල් සාකච්ඡාවලදී එකඟ වූ මූලික කරුණු බව ද ඔහු සඳහන් කළා.

තවද ඔහු කියා සිටියේ ක්‍රිමියාවට ගොඩබිමින් ගමන් කිරීමේ අයිතිය තහවුරු කරන කොන් දේසිය මත සපොරෝෂියා සහ හර්සොන් ප්‍රදේශයන් වෙතින් ඉවත්වීමට තමන් මෙම ගැටුමෙහි මුල් කාලයේදී සූදානමින් සිටි බවයි.