hit counter

2026 අගෝස්‍තු මස 10 වන සඳුදා

2024 අප්‍රේල් 17, ප.ව. 12:23



රුසියානු හමුදා දන්යෙත්ස්ක් (Donetsk) පළාතේ අචෙරිතින්යා (Ocheretyne) නම් ගම්මානය අසළට පැමිණෙමින් සිටින්නේ යයි යුක්‍රේන යුධ පෙරමුණෙන් වාර්තා වනවා.

මේ අතර බෙර්දිචි, ක්‍රස්නහරිව්කා යන ගම්මාන ආශ්‍රිතව සහ උරොජයින් ගම්මානයෙන් දකුණුදිගට වන්නට සටන් පවතින බව වාර්තා වනවා.

පසුගියදා රුසියානු හමුදා විසින් දන්යෙත්ස්ක් පළාතේ ගම්මාන දෙකක් අල්ලා ගත්තා. අප්‍රේල් 10 වනදා පෙර්වොමයිස්කයෙ (Pervomaiske) ගම්මානය අල්ලාගත් ඔවුන් අප්‍රේල් 12 වනදා බහ්දනීව්කා (Bohdanivka) ගම්මානය ද අල්ලාගත්තා.