hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 14, ප.ව. 12:12



බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස දෙසට අද (14) අලුයම වෙඩිතැබීමක් සිදුකර ඇති බව එරට පොලීසිය පවසයි.

අද අලුයම 5 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සල්මන් ඛාන්ගේ නිවසට සහ අහසට වෙඩිතබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිවසේ පිටත බිත්ති වල වෙඩි සලකුණු 5ක් පමණ තිබෙන බවය.

මුම්බායි පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකරු සොයා ගැනීමට වීමර්ශන ක්‍රයාත්මක බව සඳහන් වේවෙනවා.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය වසරේ පවසා ඇත්තේ ප්‍රධාන පෙළේ මැර කල්ලියක ප්‍රධාන ඉලක්ක 10 අතර බොලිවුඩ් නළු සල්මන් ඛාන්ද සිටින බවය.

පසුගිය වසරේ ඔහුට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් හේතුවෙන් සල්මන් ඛාන්ගේ ආරක්ෂාව තවත් වැඩි කිරීමට මුම්බායි පොලීසිය කටයුතු කර තිබුණි.