hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 ජනවාරි 25, ප.ව. 8:18



සෞදි අරාබිය වසර 70කට වඩා වැඩි කාලයකට පසු පළමු වරට එරට තුළ මත්පැන්හලක් විවෘත කර තිබෙනවා.

රියාද් අගනුවර රාජ්‍යතාන්ත්‍රික ප්‍රදේශයේ ඇති මෙම මත්පැන්හල විදේශීය, මුස්ලිම් නොවන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් උදෙසා විවෘතව පවතිනවා. එයින් එක්තරා කෝටාවක් අනුව මත්පැන් මිලදී ගැනීමට හැකියාව ඔවුන් වෙත ලැබෙනවා. ඒ සඳහා ජංගම දුරකථන ඇප් එකක් හඳුන්වා දී ඇති අතර ඒ ඔස්සේ එම නිලධාරීන්ට ලියාපදිංචි විය හැකි බවයි වාර්තා වන්නේ. එමෙන්ම සෞදි විදේශ අමාත්‍යංශයේ අවසරය ද ඒ සඳහා ඔවුන් ලබාගත යුතුයි.

මේ අතර කළුකඩ වෙළඳාමෙන් මත්පැන් අලෙවිය සීමාකිරීමට නව රෙගුලාසි පැනවීමටත් සෞදි රජය බලාපොරොත්තු වේ යයි දැනගන්නට ලැබෙනවා.

සෞදි අරාබිය මත්පැන්හලක් විවෘත කිරීමට අවසර දී ඇත්තේ 1951න් පසුවයි. මෙය එරට ක්‍රියාත්මක වන විෂන් 2030 වැඩපිළිවෙල යටතේ සිදුවන තවත් පියවරක් ලෙසයි විශ්වාස කෙරෙන්නේ.