hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 අප්‍රේල් 30, පෙ.ව. 8:11



ස්කොට්ලන්තයේ පළමු ඇමති හම්සා යූසෆ් ඊයේ සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා.

දේශගුණික විපර්යාස සම්බන්ධ ඉලක්ක පිළිබඳ ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඔහුගේ ස්කොටිෂ් ජාතික පක්ෂය සහ හරිත පක්ෂය අතර ඇතිවූ බෙදීම මෙම ඉල්ලා අස්වීමට හේතු වුණා.

යූසෆ් සුළුතර ආණ්ඩුවක් පවත්වාගැනීමට අදහස් කළ ද ඊට අනෙකුත් පක්ෂවල සහය නොලැබෙන බව ප්‍රකාශ වීමත් සමග ඔහු ඉල්ලා අස්වීමට තීරණය කළා.

නූතන බටහිර යුරෝපයේ ආණ්ඩුවක ප්‍රධානියා ලෙස පත්වූ පළමු ඉස්ලාම් ලබ්ධිකයා වන යූසෆ් 39 වන වියෙහි පසුවන්නෙක්. ඔහු ස්කොටිෂ් ජාතික පක්ෂයේ නායකත්වයට පැමිණ වසරක් වන අතර එම පක්ෂයේ අඩුම කලක් නායකත්වය දැරූ තැනැත්තා වන්නේ ඔහුයි.

දින 28 ක් තුළ ස්කොට්ලන්තයට නව පළමු ඇමතිවරයකු තෝරාගන්නට සිදුවන අතර ඒ සඳහා පාර්ලිමේන්තුව අසමත් වුවහොත් අලුත් මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති.