hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 21, ප.ව. 5:33



මෝටර් රථය තුළ ගමන් කරමින් සිටින අතරතුර ආරක්ෂක පටි පැළඳ නොගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කරනු ලැබ තිබෙනවා.

ලැන්කර්ෂයර් පොලිසිය සඳහන් කර තිබුණේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් රිෂී සුනක්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවයි.

ආරක්ෂක ආසන පටි නොපැළඳ ගමන් කිරීම සම්බන්ධයෙන් ඔහු සමාව ද ඉල්ලා තිබුණා.

සමාජ මාධ්‍ය වීඩියෝගත කිරීමක් සඳහා තමන් “වැරදි විනිශ්චයකින්” ආරක්ෂක ආසන පටි ඉවත් කළ බව ඔහු සඳහන් කළ බව ඔහුගේ ප්‍රකාශකයා පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රිෂී සුනක් සිය අත්වැරදීම සම්පූර්ණයෙන් පිළිගන්නා බවත්, ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශකයා පවසා තිබෙනවා.