hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 08, ප.ව. 10:58



වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුට අද උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටියදීයි.

ජපාන පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ජපාන හිටපු අගමැතිවරයාගේ අභාවය තහවුරු කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ හිටපු අගමැතිවරයා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශකර ඇත්තේ. 

වෙඩි තැබීම කළේ ජනතාව අතරේ සිටි 41 ක් හැවිරිදි ජපන් ජාතිකයකු බවත්, ආරක්ෂක අංශ කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙනවා.

තමන් හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබුවේ, ඔහුගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමක් ලෙස යැයි අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා තිබෙනවා.

ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ 67 හැවිරිදි ෂින්සෝ අබේයි.

2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.