2022 ජූලි 11, ප.ව. 3:12
හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේ පසුගිය සිකුරාදා වෙඩි තබා ඝාතනය කෙරුණා.
ඒ දකුණු දිග නාරා නගරයේ දීයි.
අගමැතිවරයාගේ ආරක්ෂාව යොදවා තිබූ ආකාරයේ ගැටලු සහගත තත්ත්වයක් තිබිය හැකි බවට ජපාන පොලිසිය පිළිගෙන තිබෙනවා.
අබේ අගමැතිවරයා යම් නිශ්චිත ආගමික කණ්ඩායමක සාමාජිකයෙකු බව තමන් විශ්වාස කරන බවත් අදාල ආගමික කල්ලිය හේතුවෙන් තම මව දරුණු ආර්ථික කඩාවැටීමකට මුහුණ පෑ බැවින් මෙසේ හිටපු අගමැතිවරයා ඝාතනය කළ බවත් සැකකාර ටෙට්සුයා යමගාමී පාපොච්චාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් සිදු වූයේ කුමක්ද යන්න නිශ්චිතව සොයා ගැනීමට තවමත් නොහැකි වී ඇති බව ජපාන පොලිස් ප්‍රධානියෙක් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අගමැතිවරයාගේ දේහයේ සම්බන්ධ අවසන් කටයුතු හෙට (12) සිදුකිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24