hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 ජූලි 08, ප.ව. 2:49



වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහුට අද උදෑසන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණේ දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටියදීයි.

ජපාන පුවත් සේවා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ජපාන හිටපු අගමැතිවරයාගේ අභාවය තහවුරු කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ හිටපු අගමැතිවරයා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ප්‍රකාශකර ඇත්තේ. 

මියයන විට 67 වන වියෙහි පසුවූ ෂින්සෝ අබේ ජපානයේ දීර්ඝ කාලයක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙසටයි සැලකෙන්නේ.