2024 මැයි 13, පෙ.ව. 8:08
රුසියාවේ ආරක්ෂක ඇමති සර්ගේයි ශොයිගු එම ධුරයෙන් ඉවත් කරනු ලැබ තිබෙනවා. ඊයේ රාත්‍රියේ රුසියාවේ ෆෙඩරේශන් කවුන්සිලය හෙවත් පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්ඩලයට ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් නව ආරක්ෂක ඇමති ලෙස අන්ද්රේයි බෙලඌසෆ්ගේ නම නිර්දේශ කළා.
ඉදිරි දිනවලදී ෆෙඩරේශන් කවුන්සිලය විසින් බෙලඌසෆ්ගේ නම තහවුරු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
සර්ගේයි ශොයිගු ඉවත් කිරීමට ඉඩ ඇති බැව් පසුගිය දිනවල රාවයන් පැතිර තිබුණා. විශේෂයෙන්ම නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයකු වූ තිමූර් ඉවානෆ් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ පුවත් පළවෙමින් තිබුණා.
කෙසේ වෙතත් ශොයිගු රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ධුරයට පත්කරනු ලැබ තිබෙනවා.
බෙලඌසෆ් ආර්ථික විද්‍යා උපාධිධාරියකු වන අතර කලක් ආර්ථික සංවර්ධන ඇමති ලෙසත් කටයුතු කළා. 2020 සිට ඔහු රුසියාවේ පළමු නියෝජ්‍ය අගමැති ලෙස වගකීම් දැරුවා.
ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝෆ් මාධ්‍යයට කරුණු දක්වමින් කියා සිටියේ සිවිල් නිලධාරියකු ආරක්ෂක ඇමති ලෙස පත්කිරීමෙන් අලුත් අදහස් ආරක්ෂක අමාත්‍යංශය වෙත එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
2024 නොවැම්බර් 08, ප.ව. 6:14
2024 නොවැම්බර් 07, ප.ව. 7:42
2024 නොවැම්බර් 07, ප.ව. 7:01
2024 නොවැම්බර් 06, පෙ.ව. 10:35
2024 නොවැම්බර් 04, ප.ව. 6:37
16-05-24
16-05-24
14-05-24
14-05-24
12-05-24
12-05-24
11-05-24
11-05-24
10-05-24
10-05-24
08-05-24
08-05-24