2023 ජූනි 28, පෙ.ව. 11:58
රථවාහන පොලිසියේ අණ නොතකා ධාවනය කළ රථයක සිටි 17 හැවිරිදි තරුණයෙකුට ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.
පපුවට වෙඩි වැදීමෙන් එම ස්ථානයේදීම තරුණයා ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුව ඇතිවූ විරෝධතා සහ නොසන්සුන්තා හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තවත් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙක් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
තවත් බාල වයස්කරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන ඇති බවද සඳහන් වනවා.
තරුණයාට වෙඩි තැබූ බවට චෝදනා ලැබ සිටින 38 හැවිරිදි පොලිස් නිලධාරියා මිනීමැරුම් චෝදනා මත රඳවාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .
වෙඩි තැබීමෙන් පසු විරෝධතා ඇතිව තුබූ අතර ඒවා මැඩ පැවැත්වීමට සහ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් භාවිතා කර තිබෙනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24