2023 නොවැම්‍බර් 27, ප.ව. 7:34
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන සියෙරා ලියෝන් හි හමුදා බැරැක්ක සහ බන්ධනාගාර වෙත ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇතැයි එරට ජනාධිපති ජුලියස් මාඩා බියෝ පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලද බවයි. කෙසේ වෙතත් එම ප්‍රහාරකයින් කවුරුන් ද යයි මෙතෙක් හෙළිකර නැහැ. යුධ හමුදාවෙහිම පිරිස් ඒ අතර වන බවයි විශ්වාස කෙරෙන්නේ.
එම පිරිස ඊයේ අවි ගබඩාවක් අල්ලාගන්නට උත්සාහ කර ඇති අතර එම උත්සාහය ව්‍යර්ථ වුණා. මේ අතර බන්ධනාගාරවල සිරකරුවන් සමහරෙක් නිදහස් කර යැවීමට ද මෙම පිරිස් සමත්ව ඇතැයි සඳහන්.
ඊයේ මෙම ප්‍රහාරවලින් අනතුරුව රටපුරා පනවන ලද ඇඳිරිනීතිය අද ඉවත් කෙරුණා.
මීට මාස කිහිපයකට පෙර ද සියෙරා ලියෝන් සන්නද්ධ හමුදා සාමාජිකයන් කිහිපදෙනකු කුමන්ත්‍රණ චෝදනා මත අත් අඩංගුවට ගනු ලැබුණා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48