2024 මැයි 16, පෙ.ව. 8:24
සිංගප්පූරුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලෝරන්ස් වොංග් ඊයේ සන්ධ්‍යාවේ එරට ජනාධිපති තර්මන් ශන්මුගරත්නම් ඉදිරියේ දිවුරුම් දුන්නා.
වසර විස්සක් එරට අගමැති ධුරය දැරූ ලී සියෙන් ලූංග් සිය ධුරයෙන් ඉල්ලා අස්ව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු බවට පත්වුණා. සිංගප්පූරුවේ සිව්වන පරපුරේ නායකත්වයට රට බාරදීම සඳහා මෙම පියවර ගන්නා බවයි සඳහන් වන්නේ.
ලෝරන්ස් වොංග් දේශපාලනයට පිවිසියේ 2011 වසරේයි. ඊට පෙර ඔහු ආර්ථික විශේෂඥයකු සහ සිවිල් සේවකයකු වුණා. අගමැති ලී සියෙන් ලූංග්ගේ පුද්ගලික ලේකම් ලෙස ද වොංග් වසර කිහිපයක් සේවය කළා. 2011 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වොංග් 2012 සිට විවිධ අමාත්‍ය ධුර දැරූ අතර 2021 සිට සිංගප්පූරුවේ මුදල් ඇමති ලෙස කටයුතු කළා.
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56
2026 ජනවාරි 04, පෙ.ව. 11:30
2026 ජනවාරි 04, පෙ.ව. 11:14
2026 ජනවාරි 03, ප.ව. 3:59