hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 6:15



BRICS සංවිධානයට 2024 ජනවාරි මාසයේදී රටවල් හයක් එක්වන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා නිවේදනය කළා.

ඔහු මේ බව සඳහන් කළේ BRICS රාජ්‍ය නායක හමුවෙහි අවසන් දිනයේදීයි.

රටවල් ගණනාවක් BRICS සමග එක්වීමට අපේක්ෂා කරන බවත් මුල් අදියරේදී මෙම රටවල් හය ඊට ඇතුලත් කරගන්නා බවත් රමපෝසා පවසනවා.

මේ අනුව සවුදි අරාබිය​, ඉරානය​, එක්සත් අරාබි එමීර් රාජ්‍යය​, ඉතියෝපියාව​, ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව මෙසේ BRICS සාමාජික රාජ්‍යයන් ලෙස එක්වනු ඇති.

තම රාජ්‍යයන් වෙත එකතු කරගැනීමට ගන්නා ලද තීරණය එම රටවල් කිහිපයකම රාජ්‍ය නායකයන්ගේ පැසසුමට ලක්වුණා. මේ අතර චීන ජනාධිපති සී ජින්පිං සඳහන් කළේ BRICS සංවිධානය විශාල වීම ඓතිහාසික වැදගත්කමක් ඇති සිද්ධියක් බවයි. එමෙන්ම එය රටවල් අතර වඩා පුළුල් සහයෝගීතාවයකට මාර්ගය විවර කරන බව ද ඔහු සඳහන් කළා.

BRICS සංවිධානයේ සාමාජිකත්වය පුළුල් කිරීම පිළිබඳ මුල් සාමාජිකයන් වන බ්‍රසීලය​, රුසියාව​, ඉන්දියාව​, චීනය සහ දකුණු අප්‍රිකාව වසරක පමණ සිට සාකච්ඡා කරමින් සිටියා. මෙවර පැවති 15 වන රාජ්‍ය නායක හමුවේදී එය ඉතා වැදගත් මාතෘකාවක් බවට පත්ව තිබුණා.