hit counter

2026 අගෝස්‍තු මස 24 වන සඳුදා

2023 නොවැම්‍බර් 19, පෙ.ව. 10:06



ඊයේ රාත්‍රියෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ සටන්වලදී ඊශ්‍රායල හමුදා සාමාජිකයන් හය දෙනකු මියගොස් තවත් අට දෙනකු තුවාල ලැබී යයි ඊශ්‍රායල සන්නද්ධ අංශ පවසනවා.

මේ අතර හමාස් සටන්කාමීන් පවසා සිටියේ ඊශ්‍රායල රථ ගණනාවකට පහරදීමට සමත් වූ බවයි.

තවද​, බෙයිට් හනූන් ප්‍රදේශයේ ද රිමාම්, අල්-තවාම්, තල් අල්-හවා යන ප්‍රදේශවල සටන් පවතින්නේ යයි වාර්තා වනවා. ඊශ්‍රායල හමුදා ඔමාර් අල්-මුක්තාර් වීදිය දිගේ ඉදිරියට යමින් අල්-ආහ්ලි අරාබි රෝහල වටලාගත් බව ද වාර්තා වුණා.

බෙයිට් හනූන් ප්‍රදේශයේදී ඊශ්‍රායල හමුදා වෙත දින ගණනක් තිස්සේ දිගටම ප්‍රහාර එල්ල කරන බවත් ඇතැම් අවස්ථාවල පෙරමුණේ පිටුපස සිට ද පහර දීමට හැකි වූ බවත් හමාස් සංවිධානය සඳහන් කළා.

මේ අතර ඊශ්‍රායලය ඊයේ කියා සිටියේ සිය හමුදා සයිටුන් සහ ජබාලියා ප්‍රදේශයන් වෙත ඇතුල් වෙමින් සිටින බවයි.