2024 දෙසැම්‍බර් 29, පෙ.ව. 9:53
දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සිදුවූ ගුවන් අනතුරකින් 179 දෙනකු පමණ මියගොස් ඇතැයි එරට නිල පුවත් සේවය වන යොන්හැප් පුවත් සේවයෙහි නවතම වාර්තා පෙන්වා දෙනවා.
අද උදෑසන බැංකොක් සිට පැමිණි ජෙජූ ගුවන් සේවයට අයත් බෝයිං 737-800 ගුවන් යානයක් ගුවන් පථයෙන් ඉවත විසිවී ගිනිගත්තා. මෙහි කාර්යය මණ්ඩලය ඇතුළුව 181 දෙනකු සිටි බවයි වාර්තා වන්නේ. ඔවුන් අතුරින් බහුතරය දකුණු කොරියානුවන්.
මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නැතත් ගුවන් යානය ගොඩබෑමේදී ක්‍රියාත්මක වන උපාංගවල දෝෂයක් ඊට හේතු වන්නට ඇතැයි සැක පහළ වී තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:03
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:57
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:00
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38