hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 9:57



අතුරුදන්වූ සබ්මැරීනයේ සිටි සියළුදෙනාම මිය ගොස් ඇති බව OceanGate සමාගම පවසනවා.

Titan submersible හි මෙහෙයුම් සමාගම වන OceanGate විසින් මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ , සබ්මැරීනයේ ගමන් ගත් පස්දෙනාම කණගාටුදායක ලෙස නැතිවී ගොස් ඇති බව ඔවුන් විශ්වාස කරන බවයි.

වැඩිදුරටත් එම සමාගම සඳහන් කරන්නේ “අපගේ ප්‍රධාන විධායක නිලධාරී Stockton Rush, Shahzada Dawood සහ ඔහුගේ පුත් Suleman Dawood, Hamish Harding සහ Paul-Henry Nargeolet වෙනුවෙන් කණගාටුව පළ කරන බවත් ,ඔවුන්ගේ ජීවිත අහිමිවීම ගැන දුක් වෙන් බවත්ය.

මෙම ගවේෂකයන් පස්දෙනා සොයා ගැනීමට සියළුදෙනා දක්වන කැපවීම සහ අපගේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වලට සහය දැක්වීම සඳහා දිවා රෑ වෙහෙස නොබලා වෙහෙස මහන්සි වී වැඩ කිරීම අපි අගය කරමු යනුවෙන්ද එම සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ගවේෂණ කණ්ඩායම් සුන්බුන් සොයාගත් ප්‍රදේශය තවදුරටත් අධ්‍යයනය කරමින් වැඩිදුර කොටස් සොයනු ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.