2023 ජූනි 24, පෙ.ව. 9:49
අතුරුදන් ඕෂන්ගේට් සබ්මැරීනයේ සැකිල්ල කාබන් පරීක්‍ෂණයට ලක් නොකර මුහුදු පතුලට නොයායුතු බව පැවසූවිට එහි හිමිකරු තමාව සේවයෙන් පහකළ බව හිටපු නියමුවා වූ ඩේවිඩ් ලොච්රයිඩ් අධිකරණය වෙත කරුණු දක්වමින් හෙළිකර තිබෙනවා.
සබ්මැරීනය ගැඹුරු මුහුදු පතුලට යෑමට පෙර එම කාබන් පරීක්‍ෂාව සිදුකළ යුතු බවට තමා අනතුරු ඇඟවූ බව ඔහු අනාවරණය කරනු ලැබුවා.
එහෙත් විනාඩි 10ක් තුළ තමා සිටි කාමරයෙන් නෙරපා හැරීමට හිමිකරු ක්‍රියාකළ බවද හෙතෙම පළ කළා.
මෙම සබ්මැරීනය අඩි 4000ක් ගැඹුරු මුහුදට යැවීමට පෙර එය ඉදිකර තිබුණේ අඩි 3000ක් ගැඹුරට යෑමට බවද එම හිටපු නියමුවා සඳහන් කළා.
චන්ද්‍රිකා මගින් සිටින ස්ථානය දැන ගැනීමේ ජී. පී. එස්. යන්ත්‍රයක් පවා සබ්මැරීනයේ සවිකර නොතිබුණා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24