hit counter

2025 මාර්තු මස 28 වන සිකුරාදා

2025 මාර්තු 23, පෙ.ව. 11:12



සුඩාන යුධ හමුදාව කාර්ටුම් අගනුවර බලය තහවුරු කරමින් සිටින බව වාර්තා වනවා. ඔවුන් ජනාධිපති කාර්යාලය​, මහ බැංකුව ආදී ගොඩනැගිලි අල්ලාගෙන ඇති අතර ගුවන් තොටුපල දෙසට ද පහර දෙමින් සිටිනවා.

සුඩානයේ RSF මිලීශියා කණ්ඩායම සමග 2023 අප්‍රේල් 15 වනදා ඇරඹුණ සිවිල් යුද්ධයේදී යුධ හමුදාව අගනුවරින් ඉවතට තල්ලු වූ අතර ඔවුන් 2024 සැප්තැම්බර් අගදී නගරය යළි අත්පත් කරගැනීමට ප්‍රහාර ආරම් භ කළා. ස්වල්ප දිනකින් උතුරු කාර්ටුම් ප්‍රදේශය ඔවුන් අතට පත්වුණා. නිල් නයිල් නදිය හරහා වන පාලම් ද සමහරක් යුධ හමුදාව විසින් අල්ලාගත් අතර නදියෙන් දකුණු ඉවුර දෙසින් නගරයේ බලය තහවුරු කරගැනීම අරඹන ලද්දේ මෑතකදී.

කාර්ටූම් හි බලය යුධ හමුදාව අතට නැවත පත්වීම ඔවුනට වැදගත් ජයග්‍රහණයක් වනවා. නමුත් RSF මිලීශියා කණ්ඩායම වඩාත් ශක්තිමත් වන ඩාර්ෆූර් පළාතේ වැඩි ප්‍රදේශයක් තවම ඔවුන් විසින් පාලනය කරනු ලබනවා.