hit counter

2026 ජූනි මස 28 වන ඉරිදා

2022 නොවැම්‍බර් 08, පෙ.ව. 10:03



ටැන්සානියාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය ගණන 19 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ උදෑසන කඩාවැටුණු එම යානයේ හතලිස් තුන් දෙනෙකු සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් යානය ආසන්නයේ පිහිටි ගුවන් තොටුපලකට ගොඩබෑමට උත්සහ කරන අවස්ථාවේ වික්ටෝරියා විලට කඩාවැටී තිබුණා.

යානය කඩා වැටීමෙන් පසු ගුවන් යානය සම්පූර්ණයෙන් ම පාහේ ජලයෙන් යට වී තිබෙනවා.

බේරාගත් මගීන් ප්‍රතිකර සඳහා මේ වන විට රෝහල්ගත කර ඇති අතර ඔවුන්ට බරපතළ තුවාල සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ටැන්සානියානු අගමැති කසිම් මජලිවා (Kassim Majaliwa) ගුවන් අනතුර සිදු වූ ස්ථානයට ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ප්‍රකාශ කර තිබෙනවා.