hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 17, පෙ.ව. 9:54



ලොව පුරා බිලියන ගණනක ජනකායක් පරිශීලනය කරන tik tok සමාජ මාධ්‍ය ජාලය ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට චෝදනා නගමින් එහි චීන සමාගම සතු කොටස් විකුණා දැමිය යුතු බවත් එසේ නොවුණහොත් එම යෙදවුම් ඇමරිකාව තුළ තහනමට ලක් වනු ඇති බවට ඇමරිකාව තර්ජනය කර ඇති බව සඳහන් වෙනවා.

ටික් ටොක් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක බෲක් ඔබර්වෙටර් මේ බව රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් පළමු වරට the wall streat ජර්නලය මගින් වාර්තා කර තිබෙනවා.

ටික්ටොක් සමාගමේ කොටස් වලින් 60%ක්ම ජාත්‍යන්තර ආයෝජකයන් සතුව පවතිනවා.

20%ක් සමාගමේ සේවකයන් සතුවද, අනෙක් 20%ක කොටස් ප්‍රමාණය ටික් ටොක් ආරම්භකයන් අතර ද පවතිනවා.

tik tok සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන ඇමරිකානු වැසියන්ගේ තොරතුරු චීන රජය වෙත ප්‍රේෂණය වනු ඇති බවට ඇමරිකානු නිලධාරීන් සහ නීති සම්පාදකයන් මෑත කාලයේදී විශාල බියක් ගොඩනඟන්නට පටන්ගෙන තිබෙනවා.

ඇමරිකාව තුළ ටික්ටොක් පරිහරණය කරන්නන් ගේ සංඛ්‍යාව මිලියන සීයකට අධික බව පැවසෙනවා.

මෙය ජෝ බයිඩන් ජනාධිපතිවරයගේ පාලන සමය තුළ මුල්වරට ටික් ටොක් තහනමක් පිළිබඳව කතිකාව පැමිණි අවස්ථාව වුවත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී එනම් 2020 වසරේදී ඇමරිකානු අධිකරණය ටික්ටොක් සමාජජාලය තහනම් කිරීමට වරෙක කටයුතු කර තිබෙනවා.

ඇමරිකාව ටික් ටොක් සම්බන්ධයෙන් නගන චෝදනාවට චීන විදේශ අමාත්‍යාංශයංශය බ්‍රහස්පතින්දා පිළිතුරු දෙමින් ටික්ටොක් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ඇමරිකාව විසින් ඔප්පු කර නැති බව පවසා තිබෙනවා.

මෙවැනි සමාගම් වලට පීඩා කිරීම ඇමරිකාව නවතා නිය යුතු බවද චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වැං වෙන්බිං පවසා තිබෙනවා.