hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 04, ප.ව. 12:40



වයස අවුරුදු 18ට අඩු පරිශීලකයන් සඳහා TikTok සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කළ හැකි කාලය සීමා කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පරිශීලකයන් සඳහා මිනිත්තු 60ක දෛනික තිර කාල සීමාවක් සකස් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාල සීමාව ඉක්මවා ගිය පසු එම පරිශීලකයන්ට අදාළ දිනය තුළ TikTok තවදුරටත් භාවිත කිරීම සඳහා රහස් කේතයක් ඇතුළත් කිරීමට සිදු වෙනවා.

මිනිසුන්ට ඔවුන්ගේ භාවිතය යෙදුම පාලනය කිරීමට උපකාර කිරීම සඳහා මෙම විශේෂාංගය හ¾දුන්වා දෙන බව TikTok සමාගම සඳහන් කර තිබෙනවා.

එම යෙදුම චීන සමාගමක් වන (ByteDance) සතු වෙනවා.

එය භාවිත කිරීම සඳහා පරිශීලකයන් අවම වශයෙන් 13 හැවිරිදි විය යුතු අතර මෙම නව විශේෂාංගයේ කොටසක් ලෙස වයස අවුරුදු 18ට අඩු ඕනෑම කෙනකුට “ඔවුන්ගේ තිර කාලය නැවත සලකා බැලීම” සඳහා සතිපතා දැනුම්දීමක් ලැබෙනු ඇතැයි TikTok සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

නව මිනිත්තු 60 සීමාව මඟහැර දිනකට මිනිත්තු 100ක් දක්වා යෙදුම භාවිත කරන පරිශීලකයන්ට ඔවුන්ට ඔවුන්ගේම තිර කාලයක් සකස් කර ගැනීම සඳහා TikTok වෙතින් සිහි කැඳවීමක් ලැබෙනු ඇති.

2021 වසරේ සැප්තැම්බර් මාසයේදී TikTok සමාගම පැවැසුවේ එහි සක්‍රිය මාසික පරිශීලකයන් බිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර එය ලෝකයේ විශාලතම සමාජ මාධ්‍ය වෙබ් අඩවිවලින් එකක් බවට පත් කර ඇති බවයි.

ටික්ටොක් සමාජ වේදිකාවට අසීමිත ලෙස කාලය නාස්ති කිරීමද ඇතැම් සිසු දරු දැරියන් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන්ට පැමිණිලි විශාල සංඛ්‍යාවක් පසුගිය කාලයේදී ලැබී තිබුණා.