2023 ජූනි 26, ප.ව. 4:20
ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් විනාශයට පත්වූ සබ්මැරීනයේ සිටි 19 හැවිරිදි සුලෙයිමාන් ඩාවුඩ් තරුණයාගේ මව එම සිදුවීමෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවේ අදහස් පළකර තිබෙනවා.
ඇය පවසා තිබුණේ සිය ස්වාමි පුරුෂයා සහ පුත්‍රයා ටයිටැනික් නැරඹීමේ චාරිකාවක නිරත වීමට සැලසුම්කර තිබුණේ මීට පෙර බවයි.
එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගමන කල් ගිය බවයි ඇය මාධ්‍ය වෙත අනාවරණය කර ඇත්තේ.
ටයිටැනික් නෞකාව නැරඹීමට ගිය තම පුත්‍රයා රූබික් ක්‍රීඩාවට යොදා ගන්නා කැටයක් රැගෙන ගිය බව සුලෙයිමාන් ඩාවුඩ්ගේ මව මෙහිදී හෙළිකර තිබෙනවා.
ඔහු එලෙස රැගෙන ගියේ රූබික් ක්‍රීඩාවෙන් ගිනස් වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් බවයි ඇය ප්‍රකාශ කරන්නේ.
එසේම එම ගිනස් වාර්තාව පිහිටුවීමට සුලෙයිමාන් ඩාවුඩ් ලියාපදිංචි වී සිටි බවත්, එම වාර්තාව පිහිටුවන ආකාරය පටිගත කිරීමට සිය සැමියා කැමරාවක්ද රැගෙන ගිය බවයි ඇය මාධ්‍ය හහුවේ අනාවරණය කළේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24