hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 26, පෙ.ව. 10:58



සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට රජයේ රැකියා කෝටාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ගොනු කර ඇති පෙත්සමකට අදාලව තම මතය අධිකරණය වෙත දන්වා එවන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මධ්‍යම ආණ්ඩුවටත්, ප්‍රාන්ත ආණ්ඩුවලටත්, මධ්‍යම ආණ්ඩු පාලනය යටතේ වන ප්‍රදේශයන්ටත් දන්වා යවා තිබෙනවා.

අගවිනිසුරු ඩී. වයි. චන්ද්‍රචුද් ප්‍රධාන විනිසුරු මඩුල්ලක් විසින් විභාගයට ගැනෙන මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සුබී කේ.සී. නම් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයකු විසින්.

මෙම පෙත්සම මගින් කියා සිටින්නේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉතා පහළ අඩියක වන බැවින් ඔවුන්ට ද ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසෙහි මූලික අයිතිවාසිකම් යටතේ රජයේ රැකියා සඳහා අයිතිය සුරක්ෂිත කළ යුතු බවයි. ඔවුන්ට කුසලතා සංවර්ධනය සහ පුහුණුව සඳහා ප්‍රමාණවත් අවස්ථා නොලැබෙන හෙයින් රැකියා සොයාගැනීමේ අපහසුවක් මතුව ඇති බව එම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.