2023 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 9:51
උතුරු කොරියාව විසින් පිටුවහල් කරන ලද ට්‍රවිස් කිංග් නමැති 23 හැවිරිදි ඇමරිකානු සෙබළා ඇමරිකාව වෙත ගෙනවිත් ඇතැයි වාර්තා වුණා.
ටෙක්සාස් ප්‍රාන්තයෙහි හමුදා කඳවුරක් වෙත ඔහු බ්‍රහස්පතින්දා දිනයේ පැමිණි බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.
ජූලි මාසයේ දී උතුරු කොරියා – දකුණු කොරියා දේශසීමාවේ ඒකාබද්ධ ආරක්ෂක කලාපයේදී මෙම සෙබළා උතුරු කොරියාව වෙත පළා ගියා. ඇමරිකානු හමුදාවල ජාතිවාදී වෙනස්කොට සැලකීම් හේතුවෙන් තමන් එසේ පළා ගිය බව ඔහු පැවසූයේ යයි උතුරු කොරියාව මීට පෙර පවසා තිබුණා.
කෙසේ වෙතත් ඔහු නීත්‍යනුකූල නොවන ලෙස සිය රටට ඇතුල් වීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ උතුරු කොරියාව ඔහුව පිටුවහල් කිරීමට තීරණය කළා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24