hit counter

2026 මැයි මස 27 වන බදාදා

2023 නොවැම්‍බර් 24, පෙ.ව. 8:10



මියන්මාරයේ නයිපිටෝ අගනුවර ආරක්ෂාව සඳහා අමතර සේනාංක කැඳවා ඇතැයි වාර්තා වනවා.

එරට හමුදා ආණ්ඩුවට විරුද්ධ පාර්ශවයන් විසින් වාර්තා කර තිබුණේ මණ්ඩලේ ආදී වෙනත් ප්‍රදේශ කිහිපයකින් 14,000 ක පමණ සේනාංක නයිපිටෝ වෙත කැඳවා ඇති බවයි.

කයා ප්‍රාන්තයේ ලොයිකව් වෙත කැරලිකරුවන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මෙසේ අමතර හමුදා නයිපිටෝ වෙත කැඳවා තිබෙනවා. ලොයිකව් සිට නයිපිටෝ වෙත ඇත්තේ කිලෝමීටර 150 ක පමණ දුරක් වන හෙයින් මෙම පියවර ගෙන තිබෙනවා.

මේ අතර මියන්මාර් හමුදා වෙත තවදුරටත් විවිධ ප්‍රදේශවලදී කැරලිකරුවන් ගේ ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. ලොයිකව් නගරය සඳහා වන සටන ද බරපතල ලෙස ඇදෙමින් තිබෙන බව වාර්තා වනවා.