hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අගෝස්‍තු 15, පෙ.ව. 10:34



2020 ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ප්‍රාන්තයේ අධිකරණයකදී චෝදනා ගොනුකර තිබෙනවා.

ජෝර්ජියාවේ ෆුල්ටන් කෝරළයේ දිස්ත්‍රික් ඇටර්නි ෆැනී විලිස් විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයට අනුව ට්‍රම්ප් සහ අනෙකුත් චූදිතයන් 2020 ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්ත ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවත් එය වෙනස් කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවත් සඳහන් වනවා.

චීදිතයන් 19 දෙනකු මෙම අධිචෝදනා පත්‍රය මගින් නම් කර ඇති අතර ඔවුන්ට අධිකරණයට භාරවීමට අගෝස්තු 25 මධ්‍යහ්නය තෙක් කල් ලබාදී තිබෙනවා.

ට්‍රම්ප් සමග නම් කර ඇති චූදිතයන් අතර හිටපු ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝස්, ට්‍රම්ප්ගේ නීතීඥයන් වූ රූඩි ජුලියානි සහ ජෝන් ඊස්ට්මන්, ට්‍රම්ප් පාලන සමයේ අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ජෙෆ්රි ක්ලාර්ක් යනාදීන් වනවා.