2025 මාර්තු 04, ප.ව. 11:29
රුසියාවට එරෙහිව පනවා ඇති සම් බාධක ඉවත් කිරීම පිළිබඳ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.
දෙරට අතර සබඳතා ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමේ අරමුණින් මෙය සිදුවන බවයි කියැවෙන්නේ.
මේ පිළිබඳ සොයාබලන ලෙස ඔහු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.
ට්‍රම්ප්ට ස්ව කැමැත්තෙන් ඉවත් කළ හැක්කේ විධායක ආඥා මගින් පනවන ලද සම් බාධක පමණයි. අනෙකුත් ඇමරිකන් සම්බාධක ඉවත් කිරීමේදී කොන් ග්‍රස් මණ් ඩලයේ අනුමැතිය අවශ්‍ය වනවා.
රුසියාව මත විවිධ රටවල් සහ ආයතන විසින් පනවා ඇති සම් බාධක සංඛ්‍යාව 24,000 ඉක්මවනවා. ඇතැම් සම්බාධක 2014 ක්‍රිමියානු අර්බුදය දිනවල පනවන ලද අතර බොහොමයක් සම්බාධක පනවන ලද්දේ 2022 යුක්‍රේන යුද්ධයෙන් අනතුරුවයි.
2025 මාර්තු 05, ප.ව. 8:05
2025 මාර්තු 04, ප.ව. 11:16
2025 මාර්තු 03, ප.ව. 12:59
2025 මාර්තු 01, පෙ.ව. 3:46
2025 පෙබරවාරි 28, පෙ.ව. 9:50