hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2025 ජනවාරි 20, ප.ව. 9:38



ඇමරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් චීන සංචාරයක් පිළිබඳ සලකා බලන්නේ යයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කළා.

චීන ජනාධිපති සී ජින්පිං සහ ට්‍රම්ප් අතර පසුගිය සිකුරාදා දුරකථන සංවාදයක් සිදුවුණා. එයින් අනතුරුව චීනය සමග කටයුතු ක්‍රියාත්මක කිරීමේදී චීන ජනාධිපතිවරයා හමුවීම පිළිබඳ කිසියම් උද්‍යෝගයක් ට්‍රම්ප් විසින් දක්වා ඇතැයි සඳහන්. කෙසේ වෙතත් එවන් සංචාරයක් ගැන නිශ්චිත තහවුරු කිරීමක් ඔහු සිදුකර නැහැ.

සී ජින්පිං සමග සාකච්ඡාවෙන් අනතුරුව ට්‍රම්ප් පවසා තිබුණේ තමන් දෙදෙනා ලෝකය සාමකාමී කිරීමට කටයුතු කරන බවයි.

තායිවානය සම්බන්ධව මෙන්ම චීනය සමග වෙළෙඳ යුද්ධයක් පිළිබඳව ද ට්‍රම්ප් විවිධ අවස්ථාවන් හි කරුණු දක්වා තිබෙනවා. එහෙයින් නායකයින් දෙදෙනා අතර නොගැලපීම් ගණනාවක් පවතිනවා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සහ ට්‍රම්ප් අතර හමුවක් නුදුරේදීම සිදුවිය හැකි යයි ඇමරිකානු මාධ්‍ය පවසා සිටිනවා.