hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 07, ප.ව. 12:34



තුර්කියේ සහ සිරියාවේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් 4,300 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා සඳහන් කළේ, දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ බොහෝ ප්‍රදේශවල මේ වන විටත් මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

කෙසේ වෙතත්, ඊයේ රාත්‍රිය පුරා ද ක්‍රියාත්මක වූ එම මෙහෙයුම් සඳහා අධික සීතල, හිම පතනය සහ වර්ෂාව බාධා වී තිබෙනවා.

රිච්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව ඊයේ (06) අලුයම ගාසියන්ටෙප් නගරය අසල ඇති වී තිබුණේ බොහෝ දෙනෙකු නින්දේ සිටියදීයි.

ඉන් ඇති වූ කම්පනවලින් පසු රික්ටර් පරිමාණයේ 7.5ක තවත් භූ කම්පනයක් එරට වේලාවෙන් දහවල් 1:30 ට පමණ සිදු වී තිබෙනවා.

පළමු භූමිකම්පාවෙන් පසු තුර්කියේ පමණක් 2,900කට වැඩි පිරිසක් මිය ගිය අතර 15,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි එරට ආපදා ඒජන්සිය සඳහන් කර ඇත්තේ.

සිරියාවේ 1,400කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වෙනවා.

දෙරටේ ම ගොඩනැගිලි දහස් ගණනක් කඩා වැටී අතර තවමත් සුන්බුන් අතර මිනිසුන් සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

තුර්කිය උදව් ඉල්ලා ජාත්‍යන්තරයෙන් ආයාචනය කිරීමෙන් පසු එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් ආධාර යැවීමට පියවර ගෙන තිබෙනවා.