hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 11:35



තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් ගාසා තීරය දෙසට ඇමරිකානු නෞකා එවීම පිළිබඳ සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් පැමිණෙන්නේ කුමකටදැ යි ඔහු ප්‍රශ්න කර සිටියා. ඇමරිකානුවන් ගාසා ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරනු ඇතැයි ද විශාල විනාශයක් සිදුකරනු ඇතැයි ද ඔහු පැවසුවා.

තවද ගාසා තීරයට ජලය සහ ආහාර සැපයුම අවහිර කිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි බව ද අර්දොවාන් කියා සිටිනවා.

මේ අතර ගාසා තීරයේ සිට ඊජිප්තුවට ගමන් කළ හැකි රෆා දේශසීමා මුරපොල ද අද දින වසා දැමුනා. ඒ දිගින් දිගටම එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර නිසයි.