hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 9:57



තුර්කි ගුවන් හමුදාව විසින් ඉරාක කුර්දිස්ථානයේ පිහිටි කුර්දිස්ථාන කම්කරු පක්ෂය (PKK) භාවිතා කරන ස්ථාන යයි සැලකෙන විවිධ ස්ථාන විස්සකට ගුවනින් පහර දුන් බව එරට ආරක්ෂක අමාත්‍යංශය පැවසුවා.

මෙය සිදු කරන ලද්දේ තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අසළ ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙසයි.

PKK සහ වෙනත් ත්‍රස්ත ඉලක්ක විනාශ කිරීමත්, ඉරාකයේ සිට තුර්කි ආරක්ෂක අංශ වෙත එල්ල වන ප්‍රහාර මැඩලීමත්, සිය දේශසීමා ආරක්ෂා කිරීමත් මෙම ප්‍රහාරයන් හි අරමුණ වූ බව තුර්කිය පවසනවා.

ඉරිදා දිනයෙහි අන්කාරා හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය අසළදී වාහනයක බෝම්බයක් පිපිරී ගිය අතර බෝම්බකරුගේ සහයකයා ආරක්ෂක අංශ විසින් මරාදැමුන බව වාර්තා වුණා. සිද්ධියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලද බව තුර්කි බලධාරීන් කියා සිටියා.

PKK සංවිධානය 1980 දශකයෙහි සිට තුර්කි රජයට එරෙහිව අරගලයක නිරත වනවා. ඔවුන්ගේ අවසන් අරමුණ ස්වාධීන කුර්දි රාජ්‍යයක් ස්ථාපිත කිරීමයි.