hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2024 නොවැම්‍බර් 14, ප.ව. 2:06



සිරියාව තුළ යුධ මෙහෙයුමක් සඳහා තුර්කිය සූදානම් වන බව තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් පවසනවා.

ඔහු කියා සිටියේ තම දේශසීමා ප්‍රදේශයන් ආරක්ෂා කිරීමට කිලෝමීටර් 30 ක ආරක්ෂක කලාපයක් ස්ථාපිත කිරීම සිය අපේක්ෂාව බවයි.

සිරියානු රජය මෙම ප්‍රකාශය පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබුණා. කෙසේ වෙතත් මෙම ප්‍රදේශය දැනට ඇත්තේ සිරියාවේ කුර්දිවරුන් ගේ පාලනය යටතේ යි.

කුර්දි දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී මහජන පක්ෂය සහ එහි සන්නද්ධ බලකායන් වන ජනතා ආරක්ෂක බලකාය (YPG) මෙම ප්‍රදේශයන් හි පාලනය ගෙනයනවා. එම සංවිධානයන්ට තුර්කියේ කුර්දිස්ථාන් කම්කරු පක්ෂය (PKK) සමග සබඳතා තිබෙනවා. තුර්කිය චෝදනා කරන්නේ තම රට තුළට පහරදීම සඳහා මෙම ප්‍රදේශ භාවිතා කෙරෙන බවයි.

සිරියාවේ කුර්දින්ට ඇමරිකානු සහය හිමිවනවා. නමුත් මීට පෙරදීද අවස්ථා කිහිපයකදී මෙම ප්‍රදේශයන් වෙත තුර්කි මෙහෙයුම් දියත් කරනු ලැබුණා.