hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ජූලි 17, ප.ව. 3:23



Elon Musk විසින් Twitter සමාගම මිලදී ගැනීමෙන් අනතුරුව එම සමාගමේ ආදායමෙන් අඩක් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නමුත් ජූනි මාසයේදී අපේක්ෂා කළ පරිදි Twitter සමාගමේ විකුණුම් වැඩිවීමක් සිදුවී නොමැත.

මීට අමතරව වියදම් කපා හැරීමේ අරමුණෙන් 2022 වසරේදී Twitter කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ සේවයෙන් ඉවත් කෙරුණා.

මේ වනවිට Twitter පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 150ක් බවයි වාර්තා වන අතර පසුගිය දා Meta ආයතනය නිකුත් කළ Threads හරහා Twitter තවත් පසුබෑමකට ලක්වන බව සඳහන් වෙයි.