hit counter

2026 ජනවාරි මස 24 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 7:22



රුසියානු ඔත්තු සේවා විසින් බ්‍රිතාන්‍ය දේශපාලකයන්ට හැකර් ප්‍රහාර එල්ල කරන බවත් එමගින් බ්‍රිතාන්‍යය සහ එහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තර්ජනයට ලක් කෙරෙන බවත් බ්‍රිතාන්‍ය පවසනවා.

බ්‍රිතාන්‍යයේ උප අගමැති ඔලිවර් ඩවුඩන් සඳහන් කරන්නේ මෙම හැකර් ප්‍රහාර පිටුපස රුසියාවේ ඔත්තු සේවාවන් හි “සෙන්ටර් 18” නම් කණ්ඩායමක් සිටින බවයි.

මේ අතර විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සඳහන් කළේ බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කඩාකප්පල් කිරීමට වගකිව යුතු රුසියාවේ එෆ්.එස්.බී. ආයතනයේ නිලධාරීන් දෙදෙනකුට එරෙහිව තමන් සම්බාධක පැනවූ බවයි.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශය විසින් මෙම කරුණු පිළිබඳ විරෝධය දැක්වීම සඳහා බ්‍රිතාන්‍යයේ රුසියානු තානාපතිවරයාට කැඳවීමක් කළ ද තානාපතිවරයා සිය කාර්යාලයේ නොසිටි බව වාර්තා වනවා.