2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:08
අමෙරිකානු උප ජනපතිනිය ලෙසින් කමලා හැරිස් පත්වීමත් සමග ධවල මන්දිරය ද වෙසක් පොහෝ දින ඒකාලෝක වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවට ද ඉන්දියානු සම්භවයක් ඇති සුඑල්ලා බ්‍රේවර්මන්, ට්‍රස් අගමැතිනිය විසින් ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙසින් පත්කරනු ලැබීමත් සමග ම මෙම ධම්මපදය කතාව කරළියට ආවා.
සුඑල්ලා ස්වදේශ කටයුතු ලේකම් ලෙස දිවුරුම් දී ඇත්තේ බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයට අත තබායි.
ඊට හේතුව ඇය බෞද්ධ කාන්තාවක වීම නිසා.
අධිනීතිඥවරියක වන සුඑල්ලා හතළිස් දෙහැවිරිදි දෙදරු මවක්.
ඇයට පෙර ඒ ධූරය දැරුවේ ද ප්‍රීති පටෙල් නම් ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලනඥවරිය ය. සුඑල්ලාගේ මව උමාද, හින්දු ආගමික දමිළ ජාතික කාන්තාවක්.
බෞද්ධ කාන්තාවක වූ සුඑල්ලා නිතර ම ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට යන බවද වාර්තා වෙනවා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55