hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 18, ප.ව. 11:18



යුක්‍රේන හමුදාපති වලේරි සලුෂ්නිගේ කාර්යාලයක රහසින් සවන් දීමේ උපාංග හමුවීම පිළිබඳ එරට රාජ්‍ය බුද්ධි සේවය පරීක්ෂණයක් අරඹා තිබෙනවා.

ඉරිදා දිනයේ මෙම උපාංග සොයාගෙන ඇති අතර දැනට වාර්තාවන පරිදි එය නිපදවීමට භාවිතා කළ කොටස් කොහි ඒවාදැයි පැහැදිලිව ප්‍රකාශ කළ නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් එම උපාංගය ක්‍රියාත්මක තත්ත්වය නොපැවති බවත් වාර්තා වුණා.

මේ අතර බලධාරීන් පෙන්වා දෙන්නේ මෙම උපාංගයන් සලුෂ්නිගේ කාර්යාලයේම නොව අන් කොටසක හමුවූ බවයි. කිසියම් අවස්ථාවක එම කොටස සලුෂ්නි සිය කටයුතු සඳහා භාවිතා කිරීමේ අවකාශයක් ඇති වුවද මෙතෙක් එය ඔහු විසින් භාවිතා කර නැති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙසේ රහස්‍ය උපකරණ හමුවීම ප්‍රශ්නකාරී තත්ත්වයක් නිර්මාණය කරන අතර විශේෂයෙන්ම සලුෂ්නි සහ ජනාධිපති සෙලෙන්ස්කි අතර පසුගිය දිනවල ඉතා ප්‍රබල මතභේදයක් හටගත් බව ද මෙහිදී සිහිපත් වන කරුණක් වනවා.