2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 7:30
යුක්‍රේනයට හායනය වූ යුරේනියම් අඩංගු උණ්ඩ ලබාදීමට ඇමරිකාව විසින් තීරණය කරන ලද බව නිවේදනය කිරීම විශාල ආන්දෝලනයකට හේතු වී තිබෙනවා.
හායනය වූ යුරේනියම් විකිරණශීලීතාවයෙන් යුක්ත අතර යුරේනියම් සුපෝෂණයෙහි අතුරු ඵලයක් ලෙස ලැබෙන බවයි සඳහන් වන්නේ. එහි ඝනත්වය ඉහළ බැවින් එයින් තනන ලද උණ්ඩවලට සන්නාහයන් පසාරු කිරීමේ වැඩි ඉඩක් තිබෙනවා. රුසියානු ප්‍රතිරෝධය හමුවේ ඉදිරියට යාමට අසීරු වී සිටින යුක්‍රේනියානුවන්ට මෙම උණ්ඩ මගින් වාසියක් ලැබේ යයි අපේක්ෂා කෙරෙනවා.
කෙසේ වෙතත් මෙම උණ්ඩ හේතුවෙන් ඒවා භාවිතා කරන්නන්ට මෙන්ම ඒවා භාවිතා කරන ප්‍රදේශවල සිවිල් වැසියන්ට ද පිළිකා ඇතිවීමේ අවදානමක් තිබෙන බවට සැක පහළ වී තිබෙනවා. එහෙයින් එම උණ්ඩ භාවිතය ඉතා විවාදාත්මක කරුණක්. රුසියාව මෙම ඇමරිකානු තීරණය සම්බන්ධව සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24