hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 11, පෙ.ව. 5:48



යුක්‍රේනයට බලපා ඇති අවි ආයුධ හිඟය සහ සෙබළුන් වෙහෙසට පත්ව සිටීම හේතුවෙන් සටන් පෙරමුණේදී යුක්‍රේනියානුවන් එක පෙළට පසුබැසීම්වලට භාජනය කිරීමේ අවදානමක් මතුව ඇතැයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසනවා.

ඇමරිකානු ආධාර ප්‍රමාද වීම මෙම ගැටළුවට එක් හේතුවක් වන අතර යුරෝපා සංගමය ප්‍රතිඥා දී තිබූ පරිදි කාලතුවක්කු උණ්ඩ මිලියනයක් ලබාදීමට නොහැකි වීම තවත් ගැටළුවක්ව තිබෙනවා. යුරෝපා සංගමයෙන් ලැබී ඇත්තේ උණ්ඩ මිලියන බාගයක් පමණයි.

තවද ගුවන් යානා ආරක්ෂක අවි හිඟය බරපතල ප්‍රශ්නයක්ව තිබෙන අතර එම අවි තොග ඇත්තේ මාර්තු මාසය වනතුරු පමණක් බවයි සඳහන් වන්නේ.

මේ වනවිටත් අව්දීව්කා ප්‍රදේශයට ප්‍රබල රුසියානු ප්‍රහාර එල්ල වනවා. ආයුධ නොලැබුණහොත් මාස කිහිපයක් ඇතුලත අනෙකුත් ප්‍රදේශයන් හි ද පෙරමුණ කඩාවැටීමේ ඉඩක් ඇති බවයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසන්නේ.