2023 අගෝස්‍තු 28, පෙ.ව. 8:18
නේටෝ සංවිධානයෙහි යුක්‍රේන යුධ උපක්‍රමයන් අසාර්ථක වී ඇති බව හිටපු ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ පවසනවා.
බටහිර රටවල් විසින් පනවන ලද සම් බාධක හමුවේ වුවද රුසියානු යුධ ප්‍රයත්නය තවම බිඳ නොවැටී පවතින බවත් යුක්‍රේන ප්‍රතිප්‍රහාර බලාපොරොත්තු සාර්ථකත්වය අත් නොකරගත් බවත් ඔහු පෙන්වා දෙනවා.
බටහිර රටවලින් ලද දැවැන්ත යුධ ආධාර මගින් ද මෙම තත්ත්වය පැහැදිලි ලෙස වෙනස් කිරීමේ හැකියාව යුක්‍රේනයට ලැබී නැති බවයි කොන්ටේ ප්‍රකාශ කළේ.
උදාහරණයක් වශයෙන් ගතහොත් මැයි මාසයේදී රුසියානුවන් අතට පත්වූ බහ්මුත් ප්‍රදේශයෙන් මේ වනවිටත් ඔවුන්ව ආපසු හරවා යවන්නට යුක්‍රේනියානුවන්ට හැකියාව නොලැබුණ බව ඔහු පෙන්වා දෙනවා.
බටහිර රටවලින් ලැබෙන ධනාත්මක පුරෝකථනයන් පසෙකට දමා නැවත සිතාබැලීමට සිදුව ඇති බවයි කොන්ටේ පෙන්වා දෙන්නේ.
තවද, යුක්‍රේන යුද්ධය විසින් තමන්ට අනන්‍ය වූ දේශපාලනික සහ ආර්ථික නායකත්වය පෙන්නුම්කිරීමේ උපක්‍රමයන් ගොඩනගා ගැනීමට යුරෝපා සංගමය අපොහොසත්ව ඇති බව ද නැවත පෙන්නුම් කරන්නේ යයි කොන්ටේ ප්‍රකාශ කරනවා.
ඉතාලියේ Five Star Movement (තරු පහේ ව්‍යාපාරය) මෙහෙයවන කොන්ටේ 2018-2021 සමයේ එරට අගමැති ලෙස කටයුතු කළා.
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:25
2025 අප්‍රේල් 27, පෙ.ව. 6:21
2025 අප්‍රේල් 25, පෙ.ව. 10:47
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:14
2025 අප්‍රේල් 22, ප.ව. 8:14