2024 පෙබරවාරි 23, ප.ව. 11:07
යුක්‍රේනයට ලබාදෙන F-16 ප්‍රහාරක යානාවලින් රුසියානු භූමිය තුළ වන ඉලක්ක වෙත පහරදීමේ අවසරය දෙන බව නේටෝ මහ ලේකම් යෙන්ස් ස්ටොල්ටන්බර්ග් පැවසුවා.
රුසියානු ප්‍රහාරයෙන් ආරක්ෂාව සලසාගැනීමට යුක්‍රේනයට අයිතිය ඇති බව පවසන ස්ටොල්ටන්බර්ග්, එහෙයින් රුසියානු භූමිය තුළ වන මිලිටරි ඉලක්ක වෙත පහරදීමේ වරදක් නැතැයි කියා සිටියා.
කෙසේ වෙතත් එම යානා කිනම් දිනෙක යුක්‍රේනයට ලැබේදැයි ස්ටොල්ටන්බර්ග් සඳහන් කළේ නැහැ. එය තීරණය වනු ඇත්තේ ඒවා ලබාදෙන නේටෝ සාමාජික රටවල විසිනුයි.
මෙම යානා ලබාදීම කඩිනම් කළ යුතු වුවද, අනෙක් අතට ඒවා පැදවීමට හා නඩත්තුවට පුහුණු වූ පිරිස් අවශ්‍ය බැවින්, ඔවුන් පුහුණු කිරීමෙන් තොරව එම යානා ලබාදීම ද ප්‍රතිඵලදායක නැතැයි ස්ටොල්ටන්බර්ග් පෙන්වා දෙනවා.
නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය තමන් සතුව ඇති F-16 යානාවලින් කොටසක් යුක්‍රේනයට ලබාදෙන බව පවසා තිබෙනවා. එසේ ලබාදීමට නියමිත යානා සංඛ්‍යාව 42 ක්. ඒවා පැදවීමට පුහුණුව ලද නියමු පිරිසක් දෙසැම්බරයෙදී බ්‍රිතාන්‍යයෙහි සිදුකළ පුහුණුව අවසන් කළා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48