2025 මාර්තු 13, ප.ව. 1:57
පසුගිය දින කිහිපයේදී රුසියාවේ කුර්ස්ක් පළාත තුළ දී සිදුවූ බරපතල පසුබැසීම් මධ්‍යයේ වුවද තම හමුදා දිගටම කුර්ස්ක් ප්‍රදේශයේ සටන් කරන බව යුක්‍රේන හමුදාපති අලෙක්සන්දර් සිර්ස්කි අවධාරණය කරනවා.
ඊයේ රුසියානු හමුදා යුක්‍රේනියානුවන් අත පැවති විශාලම ජනාවාසය වූ සූද්ජ නගරයට ද ඇතුල් වුණා. එමෙන්ම යුක්‍රේන හමුදා ම පිළිගන්නා පරිදි යුක්‍රේනය සතුව දැනට පවතින ප්‍රදේශය දෙකඩ කිරීමට ඔවුන් සමත්ව තිබෙනවා.
නමුත් සිර්ස්කි කියා සිටින්නේ සූද්ජ නගරයේ සටන් සම්පූර්ණයෙන්ම අවසන් නැති බවයි. එමෙන්ම තම පාලනයේ ඇති අනෙක් ප්‍රදේශයන් හි ද සටන්වදින බව ඔහු කියා සිටියා.
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ඊයේ කුර්ස්ක් හමුදා මෙහෙයුම් මූලස්ථානයට පැමිණියා. එහිදී වාර්තා කෙරුණේ කුර්ස්ක් පළාතේ යුක්‍රේනය විසින් අල්ලාගත් භූමියෙන් සියයට 86 ක් රුසියානුවන් විසින් මුදාගෙන ඇති බවයි.
සටනේදී අල්ලාගන්නා යුක්‍රේන සෙබළුන්ට මානුශීය ලෙස සලකන ලෙස පුටින් රුසියානු හමුදාවන්ට උපදෙස් දුන්නේ යැයි සඳහන් වනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24