2023 අගෝස්‍තු 04, පෙ.ව. 10:58
ක්‍රිමියාවට ආසන්නව පිහිටි කළු මුහුදුබඩ රුසියානු වරායක් මෙන්ම ප්‍රධාන රුසියානු නාවික කඳවුරක් පිහිටි නවරසීස්ක් (Novorossiysk) වෙත යුක්‍රේනියානු ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසූයේ සමුද්‍රීය ඩ්‍රෝන යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය අසාර්ථක වූ බව ද එම අමාත්‍යංශය කියා සිටියා.
ප්‍රහාරය හේතුවෙන් නවරසීස්ක් හි වරායෙහි නැව් ගමනාගමනය තාවකාලිකව නවතා දැමීමට ද කටයුතු කර තිබෙනවා.
තෙල් අපනයනය සඳහා ද වැදගත් වරායක් වන නවරසීස්ක් වෙත එල්ල වූ ප්‍රහාරය රුසියානු වෙළෙඳ තොටුපලක් වෙත එල්ල කෙරුණ පළමු යුක්‍රේනියානු ප්‍රහාරය ලෙස හැඳින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
රුසියානු සමාජ ජාලවල හුවමාරු වූ වීඩියෝපට අනුව ප්‍රදේශයෙන් පිපිරීම් හා වෙඩි හඬ ඇසුණ බව තහවුරු වී තිබෙනවා.
පසුගියදා රුසියාව යුක්‍රේන ධාන්‍ය අපනයන ගිවිසුමෙන් ඉවත් වූ අතර ඉන් අනතුරුව යුක්‍රේන වරායවල් වෙත දරුණු ප්‍රහාර එල්ල කළා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24