hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 8:54



මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක වූ යුක්‍රේන ප්‍රතිප්‍රහාරය අවසන් යයි පැවසිය හැකි යයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු තානාපති වසීලි නෙබෙන්සියා පවසනවා.

ඔහු පවසන්නේ දින කිහිපයක් තිස්සේ සමස්ථ පෙරමුණ මුළුල්ලේම පාහේ රුසියානු හමුදා ප්‍රහාරක මෙහෙයුම් කරා මාරු වී ඇති බවයි. එහෙයින් යුක්‍රේන ප්‍රතිප්‍රහාරය කිසිදු ඉලක්කයක් සපුරා නොගෙනම අවසන් වී ඇතැයි සැලකිය හැකි බවයි ඔහු පවසන්නේ.

යුක්‍රේන සෙබළුන් රැසකගේ ජීවිත අහිමි වීම ද බටහිරින් ලැබුණ අවි ආයුධ ඇතුළු අවි ආයුධ සහ උපකරණ විශාල ප්‍රමාණයක් විනාශ වීම ද පමණක් යුක්‍රේනියානුවන් විසින් අත් කරගත් දේ අතර වන බව තානාපතිවරයා පවසනවා.

පෙරමුණේ යුක්‍රේනියානුවන් බිල්ලට දීම වළක්වනවා වෙනුවට බටහිර රටවල් දිගටම ඔවුන්ට ආධාර දෙමින් ඔවුන් බිලි දෙන බව ද ඔහු ප්‍රකාශ කරනවා.

මේ අතර​, ප්‍රතිප්‍රහාරය සම්පූර්ණයෙන්ම සැලසුම් කළ කාලසටහනින් අපගමනය වී ඇතැයි යුක්‍රේන හමුදා බුද්ධි ප්‍රධානී කිරිල් බුදානොෆ් පසුගියදා සඳහන් කර තිබුණා.