hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 26, ප.ව. 8:35



දකුණුදිග යුක්‍රේනයේදී යුක්‍රේන හමුදාවන් හි ඉදිරි ගමන වඩා වේගවත් වීමේ ඉඩක් මතුව ඇති බව එම ප්‍රදේශයේ හමුදා ප්‍රධානියෙක් රොයිටර්ස් පුවත් සේවය සමග පවසා තිබෙනවා.

යුක්‍රේන හමුදා රබොතයින් නගරයේ බලය තහවුරු කරගත් බවත් ඒ සමගම එම කලාපයෙහි රුසියානු ආරක්ෂක වළල්ලෙහි ශක්තිමත්ම කොටස් පසු කිරීමට සමත් වූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා. මේ අනුව සිය අභිලාශය අසෝෆ් මුහුද කරා පැමිණ රුසියානුවන් අල්ලාගෙන සිටින ප්‍රදේශය දෙකඩ කිරීම බවයි ඔහු පවසා ඇත්තේ.

මේ අතර, යුක්‍රේන හමුදා බක්මුත් සහ දකුණු යුක්‍රේනයේ සාර්ථකත්වයන් ලබාගෙන ඇති බව බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ද සඳහන් කළා. නමුත් ඊසානදිග යුක්‍රේනයේ, කුපියාන්ස්ක් හා ලිමාන් ප්‍රදේශවල​, රුසියානුවන් ඉදිරියට පැමිණීමේ ඉඩක් ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.